Latest Movie :
Recent Movies

The Adventures of Tintin (2011)

කතාව ගැන කියනවනම් . මේ කතාව 2011 දී තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ලෝප්‍රකට සිනමාකරු Steven Spielberg ගේ අධ්‍යක්ෂනයක් වුන මේ චිත්‍රපටිය ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටියක්. Jamie Bell, Andy Serkis, Daniel Craig වගේ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටිය සදහා හඩ ලබා දෙනවා.
ඉතින්, වාර්ථාකරු ටින්ටින් ගැන අහලා නැති කෙනෙක් ඉන්න බෑනේ නේද? මේ චිත්‍රපටියේ කථාව සඳහා පාදක වෙන්නේ කථා මාලාවේ THE SECRET OF THE UNICORN කියන කථාව. ටින්ටින්ට එයාගේ අතිජාත මිත්‍රයා කැප්ටන් හැඩොක් මුණගැගෙන්නෙත් මේ කොටසේදී.
කඟවේනා නෞකාව කියන්නේ කැප්ටන් හැඩොක්ගේ පරපුරට අයිති ගිළුන නැවක්. මේ නැවත් එක්ක බැඳුන හැඩොක් පරම්පරාවේ අය විතරක් දන්න අභිරහසක් තියනවා. ටින්ටින් දවසක් මේ නැවේ ආකෘතියක් මිලදී ගන්නවා. මේ ආකෘතියත් එක්ක අවාසනාවන්ත සිදුවීම් රැසක් ටින්ටින් කරා පැමිණෙනවා. ඉතින් හැඩොක් පරම්පරාවේ අය විතරක් දන්න මේ අභිරහස මොකක්ද ටින්ටින්ට මේ අභිරහස හොයා ගන්න පුළුවන් වෙයිද?
එහෙනම් බලන්නකෝ ගිහින් එන්නම් ,,,,,,
The Adventures of Tintin Movie Trailer Officia

Edge of Tomorrow (2014)

කතාව ගැන කියනවානම් පෘථිවියට පිටසක්වල ජිවී ආක්‍රමනයක් එනවා. ඒකට විරුද්ධව රටවල් 70ක් එකතු වෙලා සටන් කරනවා. සමහර සටන් ජය ගන්නවා. සමහර සටන් පරාජයට පත් වෙනවා. මේ අතර ඉහල නිලධාරියෙක් සමග බහින් බස් වීමක් ඇති කර ගත් නිසා කේජ් කියන මේජර් වරයා යවනවා සටන් බිමේ ඉදිරි පෙල කදවුරකට. චොදනා පත්‍රය විදියට යවලා තියෙන්නේ නිලdරියෙක් විදයට රගපාමින් හමුදාවෙන් පැනලා යන සෙබලෙක් විදියට. කතාව එතනින් තමයි පටන් ගන්නේ.. එහෙනම් බලන්නකෝ අරන් ගිහින් එන්නම්
Edge of Tomorrow - Official Trailer



Maleficent (2014)

Maleficent කියන්නේ කාටුන් කතාවල එන දුෂ්ට චරිතයක්.නමුත් ඇය එහෙම උනේ කොහොමද කියන එක මේ කතාවේ තියනවා. නමුත් මේ කතාවත් අපි හැමෝම අහලා තියන එකට වඩා ටිකක් වෙනස්. කොහොම හරි කතාව ගැන කියනවා නම් Maleficent බොහෝම සාමදානයෙන් ජිවත් වෙන යුවතියක් නමුත් එක් දිනක් මැය වාසය කරන භුමිය දුෂ්ට පිරිසක් විසින් බලෙන් අත්පත් කරගන්න සැරසෙනවා.Maleficent මේ සියල්ලට විරුද්ධව නැගිසිටියත් තමන්ගේම අය ඇයව පවා දෙනවා. ඉතින් ඇයගේ හදවත ගලක් බවට පත්වෙලා ඇය අවසානයේ පලිගැනිමට තිරණය කරනවා හැමෝගෙන්ම. මෙතැනින් එහාට කතාව අරන්ම බලන්නකෝ...
Maleficent Official Legacy Trailer (2014)





The Amazing Spider Man 2 (2014)

 කතාව ගැන කියනවානම් පළමු කතාවේදි දකින්න ඇති ග්වෙන්ගේ තාත්තා නැති වෙනවා.එතැනදි ග්වෙන්ගේ තාත්තා පොරොන්දුවක් ගන්නවා පිටර් ගෙන් ඔහු පැටලෙන මේ අවුල් වලින් ග්වෙන්ව ඇත් කරලා තියනවා කියලා. නමුත් පිටර් හා ග්වෙන්ගේ සම්බන්ධය නතර වෙන්නේ නම් නැහැ. මේ චිත්‍රපටියෙන් ඉලෙක්ට්‍රෝ නැමැති හතුරාගේ ආගමනය සිදුවන්නේ. ඔහුගෙන් නගරය ගලවා ගන්නට මෙවර ස්පයිඩර් මැන්ට සිදුවෙනවා.ඒ වගේම ග්වෙන් හා පිටර් ගේ ආදර කතාවට කුමක් වේවිද? ඒ වගේම ස්පයිඩර් මැන් කාටුන් ටික ඔබ බැලුවා නම් ඔබ දන්නවා ඇති ස්පයිඩර් මෑන් කොමික්ස් කතා මාලාව තුල ස්පයිඩර් මෑන් ගේ කතාව කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ඔහුගේ පාසල් කාලය තුල පාදක වූ කතා පෙළ සහ ඔහු පාසලෙන් පසුව තරුණ වියට පතුවූ පසු රැකියාව කරන කාලය තුල ජිවන කතාව. මෙහිදී ඔහුට අදරවන්තියන් දෙදෙනෙක් සිටිනවා. පාසල් වියේදී තමයි ඔහුට Gwen Stacy නම් වූ තරුණිය මුණ ගැසෙන්නේ. අද මේ ලබා දෙන දෙවැනි චිත්‍රපටයේත් අදරවන්තිය වෙන්නේ Gwen Stacy නම්වූ පාසලේදී මුණගැසෙන තරුණියයි. අනෙත් ආදරවන්තිය වෙන්නේ Mary Jane Watson නම්වූ තරුණියයි.දැන් ඔබටත් කුතුහලයක් එනවා ඇති මේරි ජෙන් එහෙනම් මේ චිත්‍රපටියේදි දක්නට එනවාද කියලා.හැබැයි ඉගියක් දෙන්නම් දැන් ස්පයිඩර් මැන්ගේ සැබැ පෙම්වතියට කරළියට බහින්න කාලය එළබිලා තියෙනවා.එහෙනම් ඒ කුතුහලය තියාගනිමින් කතාව රසවිදින්න කියලා ආරාධනා කරනවා.
The Amazing Spider-Man 2 - OFFICIAL Trailer



X-Men Days of Future Past.

කතාව ගැන කියනවනම් , 70 දශකයේ කීර්තිමත් විද්‍යාඥයෙක් වුන වෙද්‍ය බොලිවර් ට්‍රාස්ක් විකෘතිකයන් යොදාගෙන පරීක්ශන ආරම්භ කරනවා, ඒ විකෘතික ජාන භාවිතයෙන් විකෘතික ජනතාව විනාශ කරලා දාන්න, මුර භටයන්ව නිර්මාණය කරන්න, හැබැයි මුලින්ම මේ ට්‍රාස්ක්ගෙ මුර භටයන් ව්‍යාපෘතියට රජයෙන් අනුමැතිය ලැබෙන්නෙ නෑ, හැබැයි ට්‍රාස්ක් මේ විදියට හොර රහසේ විකෘතික ජාන භාවිතා කරලා මුර භටයන් නිර්මාණය කරන්න යන බව කලින්ම කෙනෙක් දැනගන්නවා ඒ තමයි රේවන්, ඇය කරන්නෙ ට්‍රාස්ක්ව මරා දාන එක, ඒ සිදුවීම නිසා ට්‍රාස්ක්ගෙ ව්‍යාපෘතිය ගැන හැමෝගෙම අවධානය යොමු වෙනවා, ඉතින් ඒ විදියට තමයි මුර භටයන්ගෙ උපත සිදු වෙන්නෙ, ඉතින් වර්ථමානය වෙනකොට මුර භටයන් ව්කෘතිකයන්ට සෑහෙන තර්ජනයක් වෙනවා, ඉතින් මහාචාර්ය සේවියර් සූදානම් වෙන්නෙ ලෝගන්ව අතීතයට යවලා, රේවන් විසින් ට්‍රාස්ක්ව මරා දාන එක නතර කරලා, මුර භටයන්ගේ නිර්මානය වෙන එක නතර කරන්න, ඉතින් ලෝගන්ට රේවන්ව නතර කරන්න හැකියාව ලැබෙයිද කියලා බලාගන්න ඔයාලට මේක නරඹන්න සිද්ද වෙනවා, එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්, ජයවේවා!!
X-Men: Days of Future Past | Official Trailer 3 


Transformers age of extinction (2014)

එහෙනම් කතාවට බහිමු..කලින් ඔයාල බලපු කොටස් තුනට වඩා මේ වතාවේ යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නළු නිලියන් සහ යම් රොබෝවරුන් මෙහි දක්නට ලැබීම. මෙහෙමයි කතාව මේ කතාවට තුන්වෙනි චිත්‍රපටයේ යම් යම් දේවල් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ කලින් කොටසේදී සෙන්ටිනල් චිකාගෝ නගරය ආශ්‍රිතව ලොකු සටනක් කරනවා. එයින් ඒ නගරය විනාශ උනා වගේම මිනිසුන් බොහෝ පිරිසක් මිය යනවා. ඉතින් මේ ගැන මිනිස්සු කතා වෙන්න අරගෙන. ඇයි අපි පිටසක්වල ජීවින් මතයැපෙන්නේ කියලා.
ඔවුන් අතර වෙන
සටන් වල ගොදුරු වෙන්නේ මිනිසුන්. ඒ නිසා දැන් මිනිස්සු ඒ සඳහා විකල්ප සොයනවා. ට්‍රාන්ස්ෆොමරයන්ගෙන් මිදිලා ඔවුන්ගේම පාලනයක් ගෙනියන්න හදනවා. ඒ කියන්නේ රොබෝවරු මිනිස් දඩයම් බවට පත්වෙලා. ඒ උනාට මෙහෙම දඩයම් වෙන්නේ ඩිසෙප්ටිකෝන්වරු පමණක් නෙමේ ඔටෝබෝට් කණ්ඩායමත් මෙහෙම ගොදුරු වෙනවා. ඉතින් ඔප්ට්මස් ප්‍රයිම් ඇතුළු පිරිස සැඟවුන ජීවතයක් ගත කරන්නේ. එත් මේ අතරවාරයේ වෙන කෙනෙක් ඇවිදින් ඔප්ටිමස් ප්‍රයිම් හොයාගෙන ඒ එයාට තියෙන ආදරයට නම් නෙමේ. ඔප්ටිමස් ප්‍රයිම්ව අල්ලාගෙන යන්න. ඒ කාගේ කීමටද කොහෙටද ඒ විස්තර මීළඟ චිත්‍රපටයේ දකින්න ලැබේවි. එහෙනම් කවුද මේ අමුත්තා? ඔප්ටිමස් හැංගිලා ඉන්නේ ඇයි? එතකොට කෝ අනික් ඔටෝබෝට් රොබෝවරු? එහෙනම් ඉතින් මම ගිහින් එන්නම් ඒ ටික බලන්න කෝ එහෙනම් movie එක dawnlod කරගෙනම ..
Transformers: Age of Extinction Official Trailer..


Brick Mansions (2014)


කතාව ගැන කියනවනම්, බ්‍රික් මෑන්ෂන් කියන්නෙ දරුණු ගණයෙ අපරාධකරුවන් ඉන්න ඩෙට්‍රොයිට් නගරයෙ කොටසක්.මේ බ්‍රික් මෑන්ෂන් තුල සිදුවන අපරාධ මැඩලීමට පොලීසිය අසමත් වන හින්දා නගරයෙ සෙසු කොටස් ආරක්ෂා කිරීම තකා විශාල තාප්පයක් මගින් බ්‍රික් මෑන්ෂන් හුදකලා කරලයි තියෙන්නේ.ඩේමියන් කොලියර් (Paul Walker) කියන්නෙ පොලීසියෙ සේවය කරන කෙනෙක්,එතකොට ලිනෝ (David Belle) කියන්නෙ වරදකරුවෙක්. බ්‍රික් මෑන්ෂන් වල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ඇලෙක්සැන්ඩර් ට්‍රෙමේන් ලිනෝගෙ පෙම්වතියව පැහැරගන්න්නෙත්, රජයට අයිති ප්‍රවාහනය කරමින් තිබූ අවියක් යැයි සිතූ යම් දෙයක් සොරාගන්නෙත් එක වගෙ වෙලාවක.පසුව පැහැරගත් පෙට්ටිය විවෘත කිරීමෙන් අනතුරුව තමයි දැනගන්නේ ඒක ඇතුලෙ තියෙන්නෙ මුළු නගරයම විනාශ කල හැකි න්‍යෂ්ටික බෝම්බයක් කියලා.පසුව එම බෝම්බය නිශ්ක්‍රීය කිරීම සදහා ඩේමියන් කොලියර් හට ලිනෝ ගෙ උදව් ඇතිව බ්‍රික් මෑන්ෂන් වෙත යන්න සිදුවෙනවා ඉහළින් ලැබෙන නියෝග හින්දා.ඇත්තටම කවුද නියම සතුරා? රජයට අයිති රහස් අවියක් එහෙම ලේසියෙන් පැහැරගන්න පුලුවන් ද? ඩේමියන් කොලියර් හට බෝම්බය නිශ්ක්‍රීය කරන්න පුලුවන් වෙයිද? කියලා දැනගන්න නම් බ්‍රික් මෑන්ෂන් වලට යන්නම වෙනවා.කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලලම ඉන්නකෝ.ත්‍රාසය හා සටන් ජවනික නො අඩුව ඇති බොක්ස් ඔෆීස් වාර්තාවලට ඇතුලු වූ මෙම චිත්‍රපටය ක්‍රියාදාම රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක්.තවත් නවතම චිත්‍රපටයක් සමගින් ලගදීම හමුවෙනමු !!!
Brick Mansions Official Trailer


Movie එක මෙතනින් ගන්න

සිංහල උපසිරස මෙතනින් ගන්න 

Non Stop (2014)


කතාව ගැන කියනවනම් බිල් මාර්ක්ස් (Liam Neeson) කියන්නෙ මත්පැනට  වූ ඇමරිකානු එයාර් මාර්ෂල් වරයෙක් ලෙස සේවය කරන තැනැත්තෙක්. නිවියොර්ක් නුවර සිට ලන්ඩන් බලා යන ෆ්ලයිට් අංක 10 හේ සේවය කරමින් සිටින අතර වාරයේ ඔහුගෙ පුද්ගලික දුරකථනයට කෙටි පණිවිඩයක් එවනවා යම් බැංකුවක ගිණුම් අංකයක් සදහන් කර එයට ඇමරිකානු ඩොලර් මිලියන 150ක් නොදැම්මහොත් ඊලග විනාඩි 20 තුල ගුවන් යානයෙ සිටින කෙනෙකු මරා දමන බවට.කතාවේ ඊලගට මොකද වෙන්නෙ කියලා එහෙනම් අරගෙනම බලන්න......

Movie.Aluthlanka.com
Non-Stop Official Trailer...

Automata (2014)

ඔන්න එහෙනම් මම කියනවා පොඩ්ඩක් Movie එක ගැන.... හරි   අපි හැමෝම දන්නවා සමහර රොබෝලා හදනවා අපේ වැඩ ලේසි කරගන්න. එයාලා අපේ යටතේ අපිට අවශ්‍ය විදියට වැඩ කරවන්නනේ හදන්නේ. ඒ උනාට ඒ හදන රොබෝල හිතලා වැඩ කරන්න ගත්තොත් එහෙම මොකද වෙන්නේ. එයාලාට ඕනා විදියට වැඩ කරන්න ගත්තොත් එහෙම  අන්න ඒ විදියේ වැඩක් තමා මේ film එකෙත් වෙන්නේ. මේකේ ප්‍රධාන චරිතය වන Antonio Banderas, ජැක් වෝකැම් ලෙස තමා මෙහි පෙනී සිටින්නේ.එයා රොබෝ රක්ෂණ සමාගමක සේවය කරන්නේ. ඉතින් මෙයාලා ගණුදෙනු කරන්නේ රොබෝලා එක්කම තමා. ජැක්ටත් වෙනවා මම උඩදී කිවුවා වගේ හිතලා වැඩ කරන රොබෝලා එක්ක ගණුදෙනු කරන්න. ඒත් ඒ වගේ රොබෝලා ඉන්නවා කියන්නේ ඒක ජැක්ගේ සමාගමට තර්ජනයක්. ඉතින් ජැක් යනවා මේ ගැන හොයන්න. ඒවා හොයන්න ගියාට පස්සේ ජැක් ඒ රොබෝලා එක්ක එකතු වෙලා කියලා සමාගමේ අය එයාව සැක කරනවා. ඉතින් ඊට පස්සේ ජැක්ට, අර රොබෝලාට මොකද වෙන්නේ කියලා බලන්න නම් ඔයාලා film එක ඕනා :D :D
Automata Official Trailer (2014)

 
| |
Copyright © 2013. Aluth Movie - All Rights Reserved