skip to main |
skip to sidebar
මේ කතාව පැත්තට හැරුනොතින් නායකයා පොලිස් රහස් පරීක්ෂකයෙක්. තැබෑරුමක මදුවිත තොල ගාමින් ඉන්න අතරේ කඩා වදින පිරිසක් අයිතිකරුවාට වෙඩි තියනවා, දෙපාරක් නොහිතා අපේ වීරයා ඔවුන් පස්සේ පන්නා ගිහින් නිසි දඩුවම් දෙනවා හැබැයි නැවත එනවිට තමයි දකින්න තමුන් අතින් වුන මහා අපරාධයක්… ඒ එක්ක රැකියාවට සමුදෙන ඔහු අද මදුවිතෙන් තොර වුවන්ගේ හමුවකදී දැන හදුනා ගන්න කොලුවෙක් මාරාගෙන තමයි කෙනී නම් පුද්ගලයා දැනගන්නේ. ඔහුගේ බිරිද කප්පම් ගැනීමේ චේතනාවෙන් පැහැරගෙන ගිහින්, සල්ලි දුන්නත් මරා කෑලි කර ඔහු වෙත එවලා.. ඉතින් ඔන්න මෙහෙයුම… හැබැයි වීරයා මේක නම් භාර ගන්නේ නැහැ… එහෙනම් මොන මගුලක්ද මේ කතාව… භාර ගන්නවා මේකට සම්බන්ධ වෙන සිදුවීමක් නිසා…
|
|
Copyright © 2013.
Aluth Movie - All Rights Reserved
Post a Comment